ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වීමට නියමිත කෘෂි අංශයේ ශ්‍රමිකයන් 95 දෙනෙකුට සහ සාත්තු සේවක අංශයේ 54 දෙනෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ලබාදීම අද (19)විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි .
මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිත බව මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ද්වි පාර්ශ්වික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් 1070ක් පිටත් කර යැවූ බවද ඒ මහතා පැවසීය.