ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සදහා ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 80,000 ක පමණ ප්‍රමාණයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් ඇති බව , එහි කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
මෙම එන්නත් කිලෝ ග්‍රෑම් 476 ක් බර පෙට්ටි 14 ක අසුරා , නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත මුලින්ම ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව එතැන් සිට අද දින අලුයම 02.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම එන්නත් තොගය , ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රැගෙන යනතෙක් , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ ගබඩා කිරීමට පියවර ගෙන තිබුණි.