කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2,338 දෙනකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්‍රෑම් 409,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .
ඒ අනුව මගී ගුවන් යනා 13 කින් ගුවන් මගීන් 1,271 දෙනෙකු මෙම කාල සීමාව තුළ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .
එම පිරිස් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 296 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 125 දෙනෙකු ද පැමිණ සිටියහ .
එහි පැමිණි සියලුම දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .
එසේම මෙම කාල සීමාව තුළ ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 1,067 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .
එම පිරිස අතර ඉන්දියාවේ නවදිල්ලි වෙත 218 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් වෙත 185 දෙනෙකු ද පිටත් ව ගොස් තිබුණි .
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ජර්මනිය , ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තයේ සිට විදේශීය සංචාරකයන් 161 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .
එමෙන්ම මෙම කාල සීමාව තුළ කිලෝ ග්‍රෑම් 71,000 ක් බර ඇති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන්තොටුපල වෙත ගුවන් යානා 05 කින් රැගෙනවිත් තිබූ අතර , තවත් කිලෝ ග්රැම් 338,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 05 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශීය රටවල් බලා අපනයන ලෙස රැගෙන ගොස් තිබූ බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරිවරයා පැවසීය