කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 2,161 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 459,000 බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය සදහා දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව ගුවන් මගීන් 1,177 දෙනෙකු ගුවන් යානා 14 කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණ තිබූ ගුවන් මගීන් අතර අතර බංග්ලාදේශයේ ඩකා සිට 177 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 121 දෙනෙකු ද සිටියහ .
ඔවුන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් තිබුණි .
එමෙන්ම ගුවන් මගීන් 984 දෙනෙකු ගුවන් යානා 15 කින් මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .
එසේ පිටත්ව ගොස් තිබූ ගුවන් මගීන් අතර සෞදි අරාබියේ රියාද් වෙත 251 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 182 දෙනෙකු ද සිටියහ .
එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 80 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එමෙන්ම මෙම කාළසීමාව තුළ කිලෝ ග්‍රෑම් 131,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් රැගෙන විත් තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 328,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් අපනයන ලෙස විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබුණි .