කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් සිරුරේ බහුවිද අවයව අකර්මණ්‍ය විමෙන් 18 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (13දා) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදි අනාවරණය විය.
මියගොස් ඇත්තේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන සිසුවියකි. ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙකි පාසල් සිසුවියට ඉකුත් 10 වැනිදින උණ වැළදි ඇත. ඒ සමග ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුවි ඇති අතර වමනයද කොට ඇත. පසුව මෙම පාසල් දැරිය බලපිටිය රෝහලට ඇතුලත්කොට ඇත.
බලපිටිය රෝහලින් කරාපිටිය රෝහලට මාරුකොට ඇති අතර රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
12 වැනිදින දහවල් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි පාසල් සිසුවියට රෝගි තත්වය උත්සන්න වි ඇත. එදින රාත්‍රි 10.45ට පමණ දැරිය මියගොස් ඇත.