දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.
මේ අතර ඊයේ (24) විවෘත කෙරුණු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා අද (25) දිනයේදී ද විවෘතව පවතී.