හබරාදුව පොලිස් වසමේ තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් පිරිසක අතරින් සිසුන් 6ක් මුහුදු රළට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ඉන් සිසුන් 5ක් ප්ර දේශවාසින් විසින් බේරා ගෙන ඇති අතර එක් සිසුවෙක් අතුරුදන්ව තිබේ.
අවුරුදු 16ක් වන පොතුහැර පදිංචි සිසුවෙක් මෙසේ අතුරුදන්ව තිබේ. කුරුණෑගල ප්ර දේශයේඔවුන් සහභාගීවන උපකාරක පංතියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකට පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණ දී තිබේ.
මෙම විනෝද චාරිකාව සඳහා පුද්ගලයන් 42ක් පමණ පැමිණ ඇති බව පොලීසිය පවසයි.