තලවකැලේ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය නාය යෑමේ අවධානමක
පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් තලවකැලේ නගරය මැද පිහිටි තලවකැලේ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ ඉහළ ප්‍රදේශයේ භූමිය ඉරි තලා කොන්ක්‍රීට් බැමි පුපුරා ගොස් නායයෑමේ අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබේ.
මීට වසර කීපයකට පෙර නායයෑමේ අවදානම මත විහාරස්ථානයට ඉහළ පිහිටි කන්ද සහිත භූමිය විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය මඩකුඹුරේ සමිද්ධි නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් රුපියල් කෝටි හයක පමණ වියදමක් දරා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය මත කොන්ත්‍රාත් සමාගමක් විසින් එම භූමිය කොන්ක්‍රීට් බැමි හා ආරක්ෂිත ගල්වැටි යොදා නායයෑමේ අවදානම ස්ථායි කරණය කරන ලද බවත්, එසේ ස්ථායි කරණය කරන ලද කොන්ක්‍රීට් බැමි හා ආරක්ෂිත ගල් බැමි මේ වනවිට විශාල ලෙස පුපුරා ගොස් අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි තලවකැලේ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයේ පූජ්‍ය බඹරවානේ සුමන හිමි පැවසීය.
පන්සල් භූමියේ ඉහළ ප්‍රදේශය නායයෑමේ අවදානමකට ලක් වුවහොත් පන්සල මෙන්ම ඒ අවට පිහිටි නිවාස, තලවකැලේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු විශාල ප්‍රදේශයක් අනතුරට ලක්විය හැකි බවද උන්වහන්සේ පෙන්වා දෙයි.
නායයෑමේ අවදානමට ලක්ව පැවති විහාරස්ථානයේ ඉහළ භූමිය මෙසේ ස්ථායි කරණය කොට විහාරස්ථානයට පවරා දී මාස තුනක පමණ කාලයක් තුළ මෙසේ එහි බැමි පුපුරා ඉරි තලා ගොස් ඇති බවත්, මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම්දීමට පියවර ගෙන ඇති බවද පූජ්‍ය බඹරවානේ සුමන හිම වැඩිදුරටත් කීය.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

