අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් අනුව තලවකැලේ ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති එල්. භාරදිදාසන් මහතා තලවකැලේ පොලීසිය මගින් අද (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන්, තොන්ඩමන් අනුස්මරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණයකට අදාළව උපසභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගැනුණු බවද පොලීසිය සඳහන් කළේය.