තලෙයි මන්නාරම, මන්නාරම වෙරළ තීරයන්හි මියගිය කැස්බෑවුන්ගේ ශරීර කොටස් හා මත්ස්‍ය කොටස් ඇතුළු අපද්‍රව්‍ය ගොඩ ගැසීම පිළිබඳ මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසා සිටියි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
බොහෝවිට මෙම කැස්බෑවුන් වැනි සතුන් මිය යෑමට තහනම් ධීවර ආම්පන්න ආදිය බලපානවා. ඇතැම් අවස්ථා වලදී දැල්වල කැස්බෑවුන් පැටලුණාම නීතිමය ගැටලු නිසා අතපය කපලාහරි මුහුදට දාන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මරණයට පත්වූ කැස්බෑවුන්ගේ සිරුරු වෙරළට එනවා. මේ ගොඩගසා ඇති මසුන් බහුතරයක් ආහාරයට නොගන්නා මාලු. මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය සහ මුහුදු රළ ගමන් කරන දිශාව අනුව මේ අපද්‍රව්‍ය මෙම ප්රදේවලට ගසා එනවා කියලා අප හිතනවා. මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් අපි පර්යේෂණ ආරම්භ කර අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා