බදුල්ල මොරගොල්ල තෙල්බැද්ද වතුයායේ වෙස්ටමෝලන් කොටස නායයෑමේ අවදානම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදිම සිදු කරනු ලැබුවේ එම ජනතාවගේ සුවදුක් විමසීම සදහා අද (6) එහි පැමිණි අවස්ථාවේදීය.
වතුයාය නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් 41 කට අයත් පුද්ගලයින් 178 දෙනෙකු අවතැන්ව සිටින අතර කුඩා ළමුන් 35 දෙනෙකු ඒ අතර වෙයි. ඔවුන් මොරගොල්ල වල්ලුවර් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටියි.
අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර පානීය ජලය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම පිළිබදව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලීම සිදු කළ අතර ඔවුන්ට ස්ථිර නිවාස සකස් කර දීම කඩිනමින් සිදු කරන බවද පැවසීය.
ස්ථිර නිවාස සකස් කර දෙන තෙක් එම ජනතාව සුරක්ෂිත අවශ්‍ය පහසුකම් ඇති ස්ථානයක පදිංචි කරවන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අවතැන් ජනතාව සදහා අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් ද මෙහිදි ලබාදීම අමාත්‍යවරයා අතින් සිදු විය.
මෙම අවස්ථාවට බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍ය සිරි මන්තිලක වතු අධිකාරී ප්‍රගීත් සේනානායක බදුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක් විය.