තෙලිප්පලෙයි රෝහලේ මිලියන 35ක සංවර්ධන ව්‍යාපෘති විවෘත කෙරේ
යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් විවෘත කිරීම තෙලිප්පලෙයි මූලික රෝහලේදී සිදු කෙරිණි.
ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝතී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන වැඩසටහන් විවෘත කිරීම සිදු කෙරිණි.
රුපියල් මිලියන 25ක වියදමින් ඉදිකරන ලද හදිසි විදුලි බිදවැටීම් ප්‍රතිපූරක ඒකකයක්, රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රුපියල් මිලියන 07ක වියදමින් ඉදිකරන ලද නල පද්ධතිය සමඟ ඔක්සිජන් බෙදාහැරීමේ ඒකකය, රුපියල් මිලියන 03ක වියදමින් ඉදිකරන ලද හදිසි වෛද්‍ය ඇමතුම් ඒකක මිට ඇතුළත් විය.


-
anura pitarata Sunday, 03 March 2019 05:55 PM
මේ ඇස්බැස්ටස් වහල රෝහලකට ඉතාම නුසුදුසු වෙනවා වහාම ඉවත් කර අවු රශ්මියට ඔරොත්තු දෙන සුදුසු වහලක් යොදන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
