කොවිඩ් දෙවන රැල්ලේ අද (23) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,757 දෙනෙකු හමුව ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ආසාදිතයින් 521 දෙනෙකු වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළ අතර ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් 7 දෙනෙකු කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද , බියගම සහ මහර කොට්ඨාසයන්ගෙන් 6 දෙනෙකු බැගින් ද වැඩි වශයෙන් හමුව ඇති බවද පැවසීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ 1369 දෙනෙකු සෞඛ්‍ය අංශ මගින් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයින් ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගනිමින් ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 172 දෙනෙකු නිරෝධානයකට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
කොරෝනා රෝග තත්ත්වයේ යම් පාලනයක් පෙනෙන්නට ඇතත් සෞඛ්‍ය අංශ මගින් හදුන්වා දී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම කිසිසේත්ම ලිහිල් නොකළ යුතු බව පෙන්වා දුන් අධ්‍යක්ෂකවරයා , ජනතාවගේ හැසිරීම් රටාව හොදින් පවත්වා ගෙන යාම තුලින් පමණක් රෝගය යළි ව්‍යාප්තවීම වලකා ගත හැකි වන බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 1,94,059 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක