තරුණිය බේරගන්න ඡලාශයට පැන්න තරුණයාගේ සිරුර ගොඩගනියි
ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරා ගැනිමට උත්සාහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.
මෙසේ සොයාගනු ලැබුවේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි දෙදරු පියාගේ සිරුරයි.
වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය කල හමිඩ් රිස්වාන් අද දින සේවය කරමින් සිටි ස්ථානයට යාබදවම ඉහල කොත්මලේ ජලාශය පිහිටා ඇති අතර සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන ඇති තරුණියගේ සිද්ධිය දැක බලා ගැනිමට ගොස් ප්‍රදේශ වාසින්ගේ ඉල්ලිමක් මත දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනිමට දෙදරු පියා ජලාශයට පැන ඇත.
ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සාහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක් වන අතර ඇය බේරා ගැනිමට උත්සාහ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මුස්ලිම් ජාතික දෙදරු පියෙකි.
ජලාශය මධ්‍යයේ ගිලෙමින් සිටි තරුණියව අවසානයේ බේරා ගනු ලැබුවේ සිංහල ජාතික පොලිස් ස්ථානාධිපතිවරයෙකි.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.

popular news
-
Deepal Nirosh Friday, 22 May 2020 10:51 AM
කර්මය හා කර්මඵලය මනාව විග්රහ කෙරෙන සිද්ධියක්. කෙනෙක්ගෙ ලබා උපන් ආයුෂ අවසන්ව නොමැති නම් මොන නරකක් කළත් මැරෙන්නෙ නැහැ, ඒ් වගේම කෙනෙක් ලබා උපන් ආයුෂ අවසන්ව ඇත්නම් මොන හොඳ දේ කරන්න හැදුවත් ජීවිතය අවසන් වෙනවා. මැරුණ තරුණයාට නිවන් සුවත් දිවි බේරාගත් තරුණියට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමු!
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

