බඩල්ගම, පේරගහමංකට ප්ර දේශයේ මා ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් හා තරුණියන් තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු අවුරුදු 25ක් වන ඔහිය පදිංචිකරුවෙක් වන අතර මරණකාරියන් අවුරුදු 19, 20 හා 28 වයස්වල පසුවූ දෙමෝදර ප්ර දේශයේ පදිංචිකාරියන් වෙයි.
මොවුන් බඩල්ගම පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක රැකියා කරන අයවළුන් බවට විමර්ශනයේදි අණාවරණය වි තිබේ.