අද දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලයින් 4,836 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (28) දිනය කෝව්ඩ් මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.
මේ වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වි පිටව ගිය පිරිස 11,040 දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවු පැය 24 තුළ කොරෝනා ආසාදිත වු නාවික හමුදා පුද්ගලයින් 53 දෙනෙකු වාර්තා වි ඇති බවත් අද (28) දිනය වන විට වෛරසය ආසාදනය වු නාවිකයින් ගණන 682ක් බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.