පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ත්‍රි රෝද රථයකින් ගමන් කළ කාන්තාවක් පරීක්ෂා කිරීමේදී අය සතු බෑගයේ තිබූ රුපියල් 8031000ක මුදලක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
44 හැවැරිදි මෙම කාන්තාව ඕපනායක ප්‍ර දේශයේදී පරීක්ෂා කර තිබේ.
ඇයට මෙම මුදල් ලැබුණ ආකාරය පරීක්ෂා කිරීමට අසමත් වී තිබේ.
මෙම මුදල් යම් අපරාධයකින් උපයන ලද මුදල්ද, මත්ද්‍රව්‍ය වැනි දෙයකින් උපයන ලද මුදලක්ද, වෙනත් පාර්ශ්වයකින් ඇයට දෙන මුදලක්ද යන්න පිළිබඳව පැල්මඩුල්ල පොලීසිය පරීක්ෂණ කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.