අනුරාධපුර නව නුවර මාර්ගයේ කුඩා නෙළුම්කුලම ප්රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්රීරෝද රථයක තිබී, පිරිමි පුද්ගල මළ සිරුරක් අද (4දා) සොයා ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, හබරණ පාර, ඉලුක්කිරියාව, ගනේවල්පොළ, ලිපිනයේ පදිංචි ප්රභාත් සංජීව තෙන්නකෝන් (24) නැමැති තරුණයෙකු බව පොලීසිය පවසයි.
ගනේවල්පොළ ප්රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයා මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදහන්ව ඇති බවට ඥාතීන් විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලීසිය පවසයි.
මෙම මරණයට හේතුව ඝාතනයක්ද, සියදිවි හානි කර ගැනීමක්ද දැන ගැනීම සදහා අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.