ජනතාව රෝගීන් කරන තිරිඟු පිටි හා කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් බිලියන සියයකට අධික මුදලක් වියදම් කරන බවත්, මෙම මුදල අධ්‍යාපනයට වසරකට වියදම් කරන මුදලට සමාන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
1960 වසර වන විට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ගෙන්වා තිබෙන බවත්, අද වන විට එම ප්‍රමාණය දොළොස් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් බිලියන හතළිහක් හා කිරි පිටි ගෙන්වීමට රුපියල් බිලියන හැටක් වියදම් කරන බවත්, මේ නිසා රටක් ලෙස විකල්ප ක්‍රම හඳුන්වාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
රටේ ආර්ථිකය, සෞඛ්‍යය, පරිසර ගොඩනැගීම සඳහා දැක්මක් තිබිය යුතු බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.