දැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමග ප්රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
පුත්තලම විරුතෝඩේ ප්රදේශයේ කිසිවකුට සැක නොසිතන ලෙසට ඉදිකරමින් පවතින නිවසක මෙම තාරකා ඉබ්බන් රහසේ සඟවා තිබු බවත් එයට අමතරව එම නිවස අවට වලවල් කිපයක ගල් ඉබ්බන් හා කිරී ඉබ්බන් දමා ඇති තිබු බවත් වන ජීවි නිලධාරින් පවසති .
පුත්තලම පාලවි ගුවන් හමුදා කඳවුරේ ගුවන් බුද්ධි අංශය රහසේ සිදුකල විමර්ශන වලින් අනතුරුව ඊයේ (10) දින රාත්රියේ වනජීවි නිලධාරින් වැටලිම සිදුකර තිබුනී.
වනසත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතේ 30 (1) (අ) වගන්තියේ දැඩි ආරක්ෂිත උරග ගණයට අයත් ලෙස තාරකා ඉබ්බන් නම් කර තිබේ .
මෙසේ අත්අඩංගුවට ගත් තාරකා ඉබ්බන් තබ්බෝව අභය භූමියෙන් අල්ලා විදේශීය රටවලට යැවිමට රැස් කර තිබු බව පැවසේ.
අදාළ තාරකා ඉබ්බන් මෙම ස්ථානයේ මෙයට පෙර රැස් කර තබා ඇති බවත් දිගින් දිගටම කිසිවකුටත් සැක නොසිතන ලෙසට මෙම ජාවාරම මුස්ලිම් ජාතිකයකු මෙහෙයවා ඇති බවත් පැවසේ.
වනජීවි භාරයට ගත් තාරකා ඉබ්බන් අද දින අභය භුමියකට නිදහස් කිරිමට කටයුතු කරන බවත් එසේම අදාළ ස්ථානයේ වලවල කිපයකට දමා ඇති කිරි ඉබ්බන් හා තාරකා ඉබ්බන් සොයා 11 දින අදාළ වලවල් ඉසිමට කටයුතු කරන බව වනජීවි නිළධාරින් පවසයි.