තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් පිටකොටුව ගුණ සිංහපුර නිවාස සංකීර්ණය තුළ දී (19) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි
එම සැකකරු සමග දුම්වැටි හතළිස් 40,000 කට අධික ප්රමාණයක් පොලිසිය භාරයට ගෙන ඇත
පිටකොටුව කේශර් වීදියේ තොග බඩු අලෙවිසැලක කළමනාකරුවෙකු විසින් එහි සේවකයින් යොදා ගෙන තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි මහා පරිමාණයෙන් අලෙවි කරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විමර්ශන ඒකක 2 හි පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න මහතාට ලද තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය කියයි
දින කීපයක් ආවේශන නිලධාරීන් පිටකොටුව ගුණසිංහපුර නිවාස සංකීර්ණය අසල රඳවා දීර්ඝ තොරතුරු විමර්ශනකින් අනතුරුව නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක් වටලා සිදු කළ පරික්ෂාවේදී මෙම දුම්වැටි තොගය සහ සැකකරු අත ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
මෙම දුම්වැටි ජාවාරමේ ප්රධාන සැකකරු වන තොග බඩු අලෙවිසැලේ කළමනාකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසි හතක් වන හපුතලේ පදිංචිකරුවෙකි