තමාට මරණ තර්ජනයක් එල්ල වී ඇති බවත් එය පොලිස්පතිවරයා විසින් ද තහවුරු කර ඇති බවත් විපක්ෂ මන්ත්‍රී ජගත් විතානේ මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇති බවද විතානේ මහතා පැවසීය.
තමා නිවසින් පිටතට එන අතරතුරදී තමා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව ඔහු පැවසීය. මෙම තර්ජනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරයා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය.