අද දින (27) උදෑසන 8.00ට පමණ කුරුණෑගල පොලිස් වසමේ මීගමුව යන්තම්පලාව මාර්ගයේ පුවක්ගස් හන්දිය අසලදි යන්තම්පලාව දෙසට ධාවනය වු පුද්ගලික බස්රථයක ගැටිමෙන් වයස අවු 23ක් වු තරුණියක මියගොස් තිබේ.
ඇය එම බස්රථයෙන්ම බැස ඉදිරියේන් ඇති මාර්ගයෙන් පාර මාරු විමට යාමේදි එම බස්රථයටම යටවි මෙලෙස මියගොස් ඇත.
මරණකාරිය (23) වෙලව හන්දිය වාරියපොළ ලිපිනයේ පදිංචි ලියනගේ මහේෂි පූර්ණිමා පතිරාජ යන අය වේ.
අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
කුරූණැගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.