මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තාන්කුඩිහි පදිංචි පුද්ලයෙකු පිළිස්සුම් තුවාල සහිතව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්විය.
මේ සිද්ධිය ඊයේ සවස සිදුවූ බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
කාත්තාන්කුඩි 4 බාවා පටුමගහි පදිංචි මොහමඩ් ඉර්ශාත් වයස 28 යන අය පිළිස්සුම් තුවාල සහිත මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කල කාත්තාන්කුඩි පොලිසිය පැවසිය .
කාත්තාන්කුඩි කර්බලා පාරේ පාලු ගොඩනැගිල්ලක් ඇතුලත තමන්ටම ගිනි තබාගත් දුටු මහජනතාව ගිලන්රථයට අමතා එම රථය මගින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව මුලික පරික්ෂණ වලින් හෙළිවේ.
ස්ථානයට ගිය කාත්තාන්කුඩි පොලිසිය මුලික පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගිනි තබාගත් තරුණයා මානසික රෝගියෙකු බවත් පසුගිය වසර 7 කට පෙර තමාගේ මව ඝාතනය කිරීම නිසා වසර 3ක් රක්ෂිත බන්ධනාගාර ගතවී පසුව වසර 4ක් දඩුවම් ලබා පසුගිය මාසයේ නිදහස් වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කාත්තාන්කුඩි පොලීසිය පරික්ෂණ පවත්වයි.
මඩකලපුව - ටි.එල් ජව්ෆර්කාන්