තම දියණිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්
එලෙසින් රක්ෂිත බන්ධනාගාර ගතවූයේ කුලියාපිටිය බෝගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය අසල පදිංචිකරුවෙකු වූ අධිකාරි මුදියන්සේලාගේ හසිත නුවන් අධිකාරි නැමැත්තෙකි.
කුලියාපිටිය පොලිස් වසමේ පිහිටි තම නිවසේදී පියා විසින් හා සේනානිගම ප්‍රදේශයේදී පෙම්වතා විසින් දැරිය එසේ අපයෝජනයට ලක්කර ඇති අතර හෙට්ටිපොල හා බිංගිරිය පොලිස් වසම්වලදීද එසේ සිදුව ඇති බවත් අදාළ විමර්ශන වාර්තා අදාළ පොලිස්ථාන වෙත මේ වනවිටත් යොමුකළ බවත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය වැඩිදුරටත් සිටියේ නිවසේ සිට රැකියාවක් කරමින් සිටි තම වැඩිමල් සොයුරිය කැටුව එ්මට මස්සිනා නිවසින් පිටත්ව ගියපසු නිවසේ දොරගුලූ වසා පියා විසින් මුල්ම අපරාධය සිදුකළ බවයි.
ඉදිරිපත්වූ සියලූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා සැකකරුයේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිදිනයේ පරීක්ෂණ ප්‍රගතිය රැගත් වැඩිදුර වාර්තාවක් ඉදිරි දිනයේ ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

