තනි පුද්ගලයකුගේ කැමැත්තකට නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්
“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය.
“මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතුය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි” බව පවසමින් ඔහු තවදුරටත් පැවසුවේ “ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකිය”, යනුවෙනි.
තවද “සාධාරණීකරණය කළ නොහැකි දේවල් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකියි. එසේම ජනතාව සහ ආගම් අතර සහයෝගීතාවයට සහ සංහිදියාවට අහිතකර ඕනෑම දෙයකට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීමට අපි සූදානම්”, බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (මාර්තු 14) උදෑසන මහරගම මහමේඝාරාමයේදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

