ශ්‍රී ලංකා රජය විසින් පත්කරන ලද තානාපතිවරු ඔවුන් සේවය කරන රටවල ශ්‍රී ලංකාව වෙනුවෙන් තම වගකීම නිවැරදිව ඉටු කර නොමැති බව විදුලි බල හා බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“අපේ රට නියෝජනය කරමින් වෙනත් රටවල්වල සේවය කරන තානාපතිවරුන් විසින් ලබා දෙන සේවය පිළිබඳ අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්නට බැහැ. බලයට පත්වෙච්චි සෑම රජයක්ම සිදු කළේ බොහෝ අවස්ථාවල පරාජයට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හෝ වයසට ගිය රාජ්‍ය සේවයෙක් ඉහළ නිලධාරියෙක් තානාපති සේවය සඳහා පත් කිරීමයි.
එවැනි නිලධාරින් තානාපති සේවයට පත් කළාට රටට ශතපහක සේවයක් සිදු කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒ රටවලට ගොස් තානාපති තනතුර සඳහා රජය විසින් ලබා දෙන වරප්‍රසාද භුක්ති විඳීම පමණයි. තමන්ගේ දරුවන්ට උගන්වන්න අවස්ථාව ලබා ගන්නවා. රටපුරා සවාරි ගහනවා. එච්චරයි.
බොහෝ තානාපතිවරු තානාපති සේවය සඳහා යන්නේ තමන්ගේ ජීවිතයේ අවසන් කාලය තුළ සැප ගන්න හිතාගෙන විතරයි. මෙතෙක් පත් කරන ලද බොහෝ තානාපති නිලධාරින්ගෙන් මේ රටට අබ මල් රේණුවක තරම් සෙතක් වෙලා නැහැ.
නමුත් මම කියන්න සතුටුයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර තානාපතිවරු පත් කරන විට ඒ වැඩ බැරි තානාපතිවරු වෙනුවට රටට ආදරේ කරන, රට වෙනුවෙන් හැමවිටම පෙනී සිටින, වැඩ කරන තානාපතිවරු කණ්ඩායමක් පත් කරන බව. එතුමා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා තානාපති සේවය සඳහා දක්ෂතම පිරිසක් සේවයට යොදවන බව. අපේ රට ජාත්‍යන්තර තලය තුළ ඔසවා තබන්නට නම් හොඳ තානාපතිවරු පිරිසක් පත් කළ යුතුයි.
එහෙම නැතුව තමන්ට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳිමින් තානාපති සේවය විවේක ගැනීම සඳහා භාවිතා කරන තනතුරක් ලෙස හිතන තානාපතිවරු අපේ රටට වැඩක් නෑ.
තානාපතිවරු පත්කිරීමේ දී ලෝකයේ බොහෝ රටවල්වල ක්‍රියාත්මක කෙරෙන ලකුණු දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. වැඩ නොකරන තානාපතිවරුන්ට නැවත පත්වීම් ලබා නොදිය යුතුය.
මම කියන්න සතුටුයි. ඉදිරි කාලයේ දී අපේ රටට යහපත් තානාපති සේවයක් ලබා දීම සඳහා දැනටමත් ගරු ජනාධිපතිතුමා තම අවධානය යොමු කර තිබෙනවා”