ගොඩබිම් ප්‍රදේශයේ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (11දා) පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය අනිද්දා පෙරවරු 8.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව විශේෂයෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ සුළං වේගය තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ හා ඌව පළාත්වලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හැමන පැයට කිලෝ මීටර් 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.