තද වැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 5.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි. බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත් හා ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්රික්ක සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
