තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවට මිලි මිටර් 100ට
වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.
