මොණරාගල තණමල්විල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ ඇති වූ සුළු භූ කම්පන තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදු කෙරෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
ඊයේ රාත්‍රී 9.20ට පමණ මෙම භූ කම්පනය සිදු වුණා.
රිච්ටර් මාපක දෙකයි දශම පහක මෙම සුළු භූ කම්පනයෙන් කිසිදු බලපෑමක් සිදු නොවූ අතර මෙවැනි භූ කම්පනයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වූයේ වසරකට පසුවයි.
කෙසේ වෙතත් ස්ථාන හතරක පිහිටුවා තිබු භූ කම්පන මාපක මේ සමග ක්‍රියාත්මක වී තිබූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසනවා.