මිය යාමට පැය කිහිපයකට පෙර ආරුමුගන් තොණ්ඩමන් මහතා තමා හමුවූ බවත් එහිදී ‘යන්නන්’ කිව්වද එසේත් නොමැතිනම් ‘ගිහින් එන්නන්’ කිව්වද යන්න තමන්ට මතක නොමැති බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඔහුගේ හදිසි අභාවය වශේෂයෙන් තමන්ට තදින් දැනෙන බවත් ඔහු ප්රකාශ කළේ ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අදාහන උත්සවය අමතමිනි.
“ආරුමුගන් තොණ්ඩමන් මහතා සමුගන්න පැය කිපයකට පෙර ඔහුගේ පුතා හා බෑනෑ සමග මා හමුවුණා. මට මතක නැහැ එතුමා ගිහින් එන්නන් කිවාද යන්නන් කිවාද කියලා.
එත් මට මතකයි එතුමා කතා කලා වතු කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම ගැන. ඔහු අවසන් වරට ඉල්ලුවේ වතු කම්කරුවන්ට රුපියල් 1000/= වැටුප ලබා දිමට පියවර ගැනිම, වතු කරයේ පාසල් වැඩි දියුණු කිරිම ගැන.
ඔහු කතා කළා කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න අයට සහන සැලසන්නේ කොහොමද කියලා. ඔබලාගෙන් සමුගන්න පෙර එදා ඔහු මගෙන් සමුගත්තා. ඔහු එදා කළ ඉල්ලීම මම කැබිනට් එකටත් දැම්මා.
ඉන්දියානු අතමැති මට කතා කර තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිළිබදව ශෝකය පළ කළා එය ඔහුගේ පවුලේ අයට දන්වන්න කීවා. එමෙන්ම තවත් විදේස් රටවල් කිපයකම නායකයන් මට කතා කර තොණ්ඩමන් මහතාගේ අභාවය පිළිබදව ශෝකය පළ කළා.”
චන්ද්ර සෙල්ලහේවා