අනාරක්ෂිත ලෙස ක්‍රියාත්මක කළ තණකොළ කපන මැෂිමේ තලය කුඩා දරුවකුගේ උදර ප්‍රදේශයේ ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ සීයා ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
තමා භාරයේ සිටියදී නිසි අයුරින් රැකවරණය ලබා නොදීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හැට තුන් හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියෙන් මියගොස් තිබුනේ වයස අවුරුදු 5යි මාස හයක් පමණ වයසැති මාලබේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
කුඩා දරුවකු ලේ ගලන තුවාල සහිතව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට වැටී සිටින බවට 119 මධ්‍යස්ථානය හරහා ලද තොරතුරකට අනුව මළ සිරුර සොයා ගෙන තිබිණි.
මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා පිටව යාමෙන් අනතුරුව මෙම දරුවා තම ආච්චි සහ සීයා ගේ රැකවරණය යටතේ සිට ඇතැයි පොලිසිය කියයි.
තණ කොළ කපන මැෂිම අක්‍රිය වී ඇති අතර ඔහු එය පණ ගැන්වීමක් සමගම අසල තිබූ වීදුරු බෝතලයක ගැටී ඇති අතර සැකකරු එය වැළැක්වීම සඳහා මැෂිම ඉවතට ගැනීමේ දී කුඩා දරුවාගේ උදර ප්‍රදේශයේ තනකොල කපන මැෂිමෙන් තලය ගැටී මෙම අවාසනාවන්ත මරණය සිදුවී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ රාත්‍රියේ පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් අනුව එලෙස පැමිණි පසු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි