තංගල්ල මුහුදු සීමාවේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර 51 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව 2025.10.14 දින සොයාගත්හ.
එම තොගය ගොඩට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමඟ එක්ව සිදුකළ පරීක්ෂණ මගින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ග්‍රෑම් 676 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ග්‍රෑම් 542 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 36 කින් සමන්විත බව අනාවරණය වී ඇත.
ඒ් අනුව මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 839 ග්‍රෑම් 254 කට ආසන්න බවට තොරතුරු වාර්තා විය.
නාවික හමුදාව නෞකා සහ නාවික යාත්‍රා උපයෝගි කරගනිමින් දකුණු මුහුදේ තවදුරටත් සෝදීසි මෙහෙයුම් සිදුකරමින් පවතින අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මෙම තොගය සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකරනු ඇත.