තංගල්ල පොලිස් කූඩුවේ සිටි සැකකරු සිරමැදිරියේ දොර ඇරගෙන අතුරුදන් වෙලා
වරෙන්තු 06 ක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තංගල්ලේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ඊයේ (07) අළුයම සිරමැදිරියේ දොර විවෘත කරගෙන පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තංගල්ල මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස සිරමැදිරියේ දොර විවෘත කරගෙන පලා ගොස් ඇත්තේ තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත 28 හැවිරිදි සැකකරුවෙකි.
අදාල පුද්ගලයාට එරෙහිව වරෙන්තු පහක්, විවෘත වරෙන්තු එකක් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබේ.සැකකාර පුද්ගලයා තංගල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් තංගල්ල පොලිස් ස්ථානයේ අංක 02 සිරමැදිරියේ රඳවා තබා ඇති අතර සැකකරු අලුයම 4.30ට පමණක් සිර මැදිරියේ දොර විවෘත කරගෙන පලා ගොස් තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් පළාගිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
