තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දලු ප්රවාහනය කරමින් සිටි ලොරි රථයක් තේ වත්තේ අඩි 75ක් පමණ ප්රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.
අද (01)දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ බගවන්තලාව වැවිලි සමාගමට අයත් චැපල්ටන් තේ වත්තේදිය.
වතු කම්කරුවන් අද (01) දින නෙළු තේ දලු බගවන්තලාව කොටියාගල තේ කර්මාන්ත ශාලාව දක්වා ප්රවාහනය කරමින් සිටියදි ලොරි රථයේ ඇතිවු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ තිරිංග ක්රියාවිරහිත විමෙන් ලොරි රථය රියදුරාගේ පාලනයෙන් මිදි ප්රපාතයට පෙරලි ඇති බව අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලීසිය පැවසිය.
ලොරි රථය පෙරලෙන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා පමණක් ගමන් කර ඇති බවත්, ලොරි රථය පෙරලනවාත් සමග තේ ගස් කිහිපයක් ගැලවි ගොස් ලොරි රථය ප්රපාතයේ නතර වි ඇති බව පොලීසිය පැවසිය.
අනතුරෙන් ලොරි රථයට අලාභ හානි සිදු වි ඇත.