ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන උප අමාත්‍ය චෙන් ෂෝ මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ සවස ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙහිදී චීන උප අමාත්‍යවරයා විසින් චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ ලිපියද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදුන්නේය.
චීන උපඅමාත්‍යවරයා හා ජනපතිවරයා අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කිරිම පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේදී චීනයේ සහාය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් චීනයේ සහාය නුදුරු අනාගතයේදීම අපේක්ෂා කරන බවයි.

