ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සදහා කඩිනමින් සහය ලබා දෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවේ කියා සිටියාය.
තානාපතිවරිය ඊයේ (08) පස්වරුවේ මඩකලපුවේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදි අනුරාධා යහම්පත් මහත්මිය හමුවූවාය.
ඇය මෙරට තානාපතිවරිය ලෙස පත්වූ පසු නැගෙනහිර පළාතේ සංචාරය කල පළමු අවස්ථාව මෙය විමද විශේෂත්වයකි.
මේ අතර ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පශු සම්පත් ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහන මගින් නැගෙනහිර පළාතේ කිරි ගොවියන් සදහා අවශ්‍ය සහය ලබා දෙන බවද තානාපතිවරිය කීවාය.
ඊට අමතරව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද පැවසු තානාපතිවරිය රටතුල විධිමත් අභ්‍යන්තර ගුවන්ගමන් සේවයක් කඩිනමින් ඇති කිරිමට මැදිහත් වන ලෙසටද ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් කළාය.
එසේ වුවහොත් සංචාරකයින් ඉතා පහසුවෙන් නැගෙනහිර පළාතද ආකර්ශනය කර ගත හැකි බවද තානාපතිවරිය වැඩිදුරටත් කීවාය.
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පි. මදනායක, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාහරන් මහතා ඇතුළු පිරිසදක්ද ඇමරිකානු තානාපති කාර්යාලයේ නායෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.
