ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවස් සමාගම බදු පදනම මත ගුවන් යානා ලබා ගැනීමට කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අවලංගු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන ව්‍යවසායයක් ලෙස පොදු ව්‍යවසාය කමිටුව (COPE) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යන දෙඅංශයම වර්ගීකරණය කර ඇති බවයි.
එමෙන්ම මෙම ගුවන් යානා බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහි අධ්යක්ෂ මණ්ඩලය පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කිරීමක් සිදුකල යුතු බවත් එම නිවේදනයෙහි සඳහන්.
එමෙන්ම ආණ්ඩුව විදේශ ණය ගෙවීම පැහැර හැරීම තුල රට දැන් බංකොලොත් වී ඇති බව ගෝලීය ප්‍රජාවට නිවේදනය කර ඇති අතර අවප්‍රමාණය වූ මුදල් එකකයට සහ ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමකට මුහුණ දී තිබියදීත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගනු ලැබුවේ කුමන පදනමකින්ද යන වග ආණ්ඩුව සහ එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය මහජනතාවට පැහැදිලි කල යුතු බවත් එම පක්ෂය සඳහන් කර සිටියි.
කෙසේ වෙතත් පාඩු ලබන ගුවන් සමාගමක් සඳහා නව ගුවන් යානා කුලියට ගැනීම සඳහා වගකීම් විරහිත තීරණයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අරමුදල් සැපයීමේ ප්රායෝගිකභාවය පිලිබඳව ඉන්දියාව ප්‍රශ්න කරනු ඇති බවත් එම පක්ෂය නිකුත් කල නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙනු ලබයි.