ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබා ගැනීම සඳහා වූ ණය ගිවිසුම් සඳහා අත්සන් තබා තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියනු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් අතර මෙම ණය ගිවිසුම සඳහා ඊයේ (18) කොළඹ මහා භාණ්ඩාගාරයේදී මෙම අත්සන් තැබීම සිදු කෙරුණි.
මෙම ආයෝජන සහ කර්මාන්ත වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්ති පාදක ණය පහසුකමක් ලබා ගැනීම අරමුණු කරගනිමින් රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබුණේය.
ඒ අනුව මෙම වැඩසටහන 2025 ජාතික ප්‍රතිපත්ති රාමුව සමඟ අනුකූලවන අතර, ඔරොත්තුදෙ, සැමදෙන ඇතුළත් සහ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම එහි අරමුණ වේ. එසේම වෙළෙඳාම හා ආයෝජන රජයේ ප්‍රධාන ප්රමුඛතාවන අතර, ඒවා 2026 – 2028 කාලය සඳහා වූ ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘතිවල ද පිළිබිඹුවේ.