ඩොලර් 585000 ක් නිකන් ගෙවන ගුවන් යානය ගෙන්වා ඇතතේ විරෝධතා මැදයි
පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
කාර්මික අපයනය, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ බලපත්‍රලාභි ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය සිකුරාදා (03දා) පැවති සාකච්ඡාවක දි අනාවරණය වූයේ ඉංජිනේරුවරුන්ගේ විරෝධය මැද පැවති යහපාලන රජයේ මැදිහත් වීමෙන් බෙල්ජියමේ ගුවන් නියමුවන් යොදවා මෙම ගුවන් යානය බලහත්කාරයෙන් කටුනායක ගුවන් තොටුපළට ගෙනවිත් ගාල් කර ගොස් ඇති බවයි.
පෘතුගාල් ගුවන් සේවය භාවිතා කළ මෙම ගුවන් යානයේ තාක්ෂණික පරීක්ෂාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවන් දෙදෙනෙකු ගිය බවත්, ඔවුන් මෙම ගුවන් යානය කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු මෙම පරික්ෂාවට සහභාගි නොවූ බවත් මෙහි දි අනාවරණය වී තිබේ.
ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවේ දි ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දී ඇත්තේ අදාළ ගුවන් යානයේ මගීන් ගෙනයාම සදහා ඇති පහසුකම් ප්‍රමාණවත් නොවු බවයි. එය නවීකරණය සඳහා විශාල මුදලක් වැය වන නිසාත්, ගුවන් ගමන් වලට නුසුදුසු තත්ත්වයක පැවතීම නිසාත් මෙය ශ්‍රී ලංකන් සමාගමට කුලියට ගැනීම සිය සංගමය විරෝධය පළ කළ බව ඉංජිනේරු සංගමයේ ඇමතිවරයාට පෙන්වා දුන්නේ ය.
මෙම ගුවන් යානය මෙරටට ගෙන්වීමට නියමිතව තිබුණේ 2017 වසරේ දි බවත්, එහෙත් දිවයිනට ගෙන ආවේ 2018 දි බවත් මෙහි දි අනාවරණය විය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ දි ද මෙම ගුවන් යානය පරික්ෂාවට ලක් කළේය. එහි දි හෙළි වුයේ මෙම ගුවන් යානය සෙඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 585,000 ක් ශ්‍රී ලංකන් සමාගම කුලි වශයෙන් ගෙවන බවයි. මෙම ගුවන් යානය ගුවන් ගමන් සඳහා නුසුදුසු මට්ටමක පවතින බව මෙහි දි අනාවරණය විය. මෙම ගුවන් යානය මේ වන විට කටුනායක ශ්‍රී ලංකන් ගුවන් යානා අංගනයේ ගාල් කර ඇත. මෙය මේ වන විට ගුවන් ගමන් සඳහා යොදා නොගැනේ.
මෙම ගුවන් යානය සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් ලබා දුන් වාර්තාව නොසලකා හැර ගුවන් යානය කුලියට ගැනීම පිළිබදව සම්පුර්ණ වාර්තාවක් ශ්‍රී ලංකන් සමාගමෙන් කැදවන්නැ‘යි ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේ ය. ඊට අමතරව මේ සමබන්ධයෙන් බලපත්‍රලාභි ගුවන් යානා ඉංජිනේරු සංගමයෙන් ද වාර්තාවක් ලබා ගන්නැ‘යි ඇමතිවරයා ලේකම්වරියට උපදෙස් දුන්නේය.
popular news
-
69 LAKSE Sunday, 05 January 2020 03:48 PM
වාර්තා අවශ්‍ය නැහැ වහාම මේ අපරාදය කළවුන් හෙළිකර අත්අඩංගුවට ගනු නැතිනම් කොට්ට පැදුරු සුදානම් කරගන්න අප්‍රේල් මාසයේදී ගෙදර යන්න චන්දය අපේ අතේ
Reply : 0 0
denin Sunday, 05 January 2020 05:05 PM
2017දි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලං.නි පක්ෂයේ මන්තිවරු ඇමතිකම් දැරුවා.එනිස මෙයට වගකියයුතු ඇමතිවරයා දැනගැනීම ටිකක් අපහසුයි.එනිසා පසුගිය රජයේ වැරදි හා දුෂණ පෙන්වදීමේදී අදාල ඇමතිවරයා අයත් පක්ෂය නම් කිරීමට කාරුණික වන්න.
Reply : 0 0
Champa Tuesday, 07 January 2020 11:45 PM
කවුද ඇමති වෙලා හිටියේ නිමල් සිරිපාලද? එහෙම නම් වහාම ඔහුගේ වැඩ තහනම් කරලා කැබිනට් එකෙන් ඉවත් කල යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

