ඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.
පසුගිය මාස කිහිපය තුල තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක් රු 1800-1900 අතර අලෙවි වු බවත්, ඉකුත් සතියේ තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබු නිමි තේ කිලෝවක් රු 800-900 වැනි උපරිම මිලකට අලෙවි වු බවයි එම වතු අධිකාරිවරුන් කියා සිටියේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් වශයෙන් ගෙවිය යුතු බවත්, ඊට අමතරව නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන පිරිවැය ඉතා අධික බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.
වැඩි වු විදුලි බිල , තේ වේලිම සදහා භාවිතා කරන දැව මිල ඉහල යාම ඇතුළු ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා නිමි තේ කිලෝවක් නිෂ්පාදනය කිරිමට විශාල මුදලක් වැය වන බව වතු අධිකරිවරුන් පැවසිය.
නිමි තේ කිලෝවක මිල ඩොලරයට සාපෙක්ෂකව අඩු විම හමුවේ වතු සමාගම් දැනට ලබන පාඩුව පියවා ගැනිමට ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නා බවද හැටන් ප්‍රදේශයේ වතු අධිකාරිවරුන් පැවසිය.