ඩොලරය රු. 300ට යාවි
මේ වන විට වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයක ඇත්ත වටිනාකම රුපියල් 250ක් බවට පත්ව ඇති බවත් මේ ආකාරයෙන් තවදුටත් කටයුතු කළ හොත් වසර අවසාන වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 300ක් දක්වා ඉහළ යෑමට හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආර්ථික තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට ශ්‍රී ලංකාවේ දිළිඳු ජන ගහනය ලක්ෂ 5කිින් වැඩි වී ඇති බවත් මධ්‍යම පංතිය කඩා වැටී ඇති බවත් ඔහු පැවැසීය.
”ආර්ථිකය තවමත් පිරිහෙනවා. ඩොලර් හිඟය විසදලා නෑ . රුපියලේ හිඟය තවමත් විසදලා නෑ . අද රුපියලේ නියම වටිනාකම වෙලදපොලේ වටිනාකම ඇත්ත වශයෙන්ම ඩොලරයට රුපියල් 250 යි . ඊටත් වැඩියි . මේ යන විදිහට මේක රුපියල 275 ටත් යන්න පුළුවන . එතැනදී නවත්තගත්තේ නැත්තන් 300ට යනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා.අන්න එහෙම තත්වයක් අපිට තියෙන්නේ ඒ නිසා විශාල හානියක් සිදුවෙලා තියෙනවා.
ජුනි,ජුලි මාස වෙද්දී අපිට යලිත් ණය ගෙවන්න සිදුවෙනවා. මේ අවුරුද්දේ සම්පුර්ණයෙන්ම ඩොලර් බිලියන 6 ක් ණය ගෙවන්න තිබෙනවා. අපි තාම IMF එක්ක සාකච්ඡා කරලා නැහැඒ නිසා ජුනි,ජුලි වලට ණය ගෙවන්න අපිට මුදල් හොයාගන්න තිබෙනවා. තවත් අලුත් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා.
විදේශ විනිමය විශේෂයෙන්ම ගනුදෙනු බැංකු වලින් ඉවත්වෙලා දැන් කරන්නේ හවාලා ක්‍රමයට හවාලා ක්‍රමය තමයි ඒ වැඩකටයුතු කරන්නේ. ඒ නිසා බැංකු ක්‍රමය අතහැරලා තියෙන්නේ. ඉතින් මෙහෙම ප්‍රශ්න ගණනාවක් තියෙනවා.”
popular news
-
Ashan Perera Friday, 18 February 2022 03:55 AM
Hayyo uncle. Dn thi oyage upadesh. Oyai me oyage yaluwo set ekai meken puluwan tharan ekmanat ewath wela wena ayata chance ekak denna balanna. Eka thama karanna thiyana lokuma udawwa.
Reply : 3 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

