මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 75,321ක් සහ මරණ 53ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15762කි.
ඩෙංගු මරණ 53ක් වාර්තා වී ඇති අතර ඉන් 37 දෙනෙකුම කාන්තාවන් වෙයි. සෙසු මරණ 16 පිරිමි පුද්ගලයන්ගේ වේ. මියගිය පිරිස අතර වයස අවුරුදු 19ට අඩු දරුවන් 5 දෙනෙකු සිටියි.