මේ මාසයේ ගතවූ දින 21 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,223 දෙනෙකු හඳුනා ගෙන තිබේන බවත් මේ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,931 ක් බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.
සමස්ත රෝගින්ගෙන් 17769 ක් වාර්තාවි තිබෙන්නේ බස්නාහිර පළාත තුලින් බවත් එම පළාත තුලින් වාර්තාවන රෝගින්ගෙන් 8074 ක් ගම්පහ දිස්ත්‍රික්යෙන් හා කොළඹ දිස්ත්‍රික්යෙන් රොගින් 7526 ක් හා කළුතර දිස්ත්‍රික්යෙන් රෝගින් 2169 ක් වශයෙන් වාර්තා වි තිබෙන බවද එම සංගමයේ සහකාරලේකම් වෛද්‍ය ලහිරි කොඩිතුවක්කු මහතා අද කල විමසිමකදි සදහන් කලේය.
මේ වසරේ ගෙවිගිය කාලය තුලදි ඩෙංගු මර්ධනය කිරිම සදහා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කල බවත් එහෙත් එම වැඩ සටහන් තුලින් සාර්ථික ප්‍රතිඵල අත්වි නොමැති බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.
ඩෙංගු මර්ධන වැඩ සටහන් සිදුකල පසු අදාල වැඩසටහන් තුලින් සාර්ථික ප්‍රතිඵල අත් වි තිබෙනවාද යන්න පසු විපරම් කිරිමට වැඩපිලිවෙලක් නොමැති බවත් මිට අමතරව නිවෙස් තුල සිටින මදුරුවන් මර්ධනය කිරිම සදහා ඊට සුදුසු ධූමායන කටයුතු සිදුකරණ ක්රමවෙදයක් නොමැති බවද සංගමයේ සභාපති රවිකුමුදේශ් මහතා සදහන් කලෙය
අවට පරිසරයේ සිටින මදුරුවන් මර්ධනය කිරිම සදහා සිදුකල ධූමායන කටයුතු සිදුකිරිම පවා මේ වන විට සිමා කර තිබෙන බවත් මිට අමතරව ඉදිරියෙදි ධූමායන කටයුතු නවතා දැමියු යුතු බවටත් විවිධ නිළධාරින් සදහන් කරමින් සිටින බවද සදහන් කලේය
ලෝකයේ මදුරු මර්ධනය කිරිම සදහා ධුමායන කටයුතු කරමින් තිබියදි එය සිමා කිරිමට කටයුතු කළේ කුමන පදනමකින්ද යන්න බලධාරින් රටට පැහැදිලි කල යුතු බවත් ඩෙංගු මර්ධනය කිරිම සදහා කුමක් හෝ වැඩසටහනක් සිදුකිරිම තුලින් ඩෙංගු මර්ධනය කල නොහැකි බවද පවසා සිටියේය
මේ නිසා සියලුම් පාර්ශ්වකරුවන් එකාබද්ධ කර ගනිමින් ඩෙංගු මර්ධන වැඩසටහන් සිදුකර සතියකට වරක් හෝ පසු විපරම් සිදුකර ඩෙංගු මර්ධනය වන වැඩසටහන් හදුනාගනිමින් අදාල කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවත් ඩෙංගු මර්ධනය නොවන වැඩ සටහන් සිදුකිරිම අතහැර දැමිය යුතු බවද සදහන්කළේය.
ඩෙංගු රෝගයෙහි වර්ධනීය තත්වය පිළිබඳව සැලකිල්ලටගෙන, ඩෙංගු මර්ධනය සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවන ලෙසට ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරින්ට උපදෙස් ලබා දිමට කටයුතු කලත් මෙතෙක් කාර්ය සාධන බලකාය පිහිටුව නොමැති බව සෞඛ්‍ය කීට විද්යානිලධාරින්ගේ සංගමය සදහන් කරයි.