2022 වර්ෂයේ මේ දක්වා කාලය ඇතුලත ඩෙංගු රෝගීන් 26,622දෙනෙකුහඳුනාගෙන ඇති බවත් පසුගිය දින 08 තුල පමණක් ඩෙංගු රෝගීන් 2416ක් වාර්තා විය.බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (09දා) “අපේ යුතුකම ඉටුකර ඩෙංගු මර්දනය කරමු”මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
ඩෙංගු රෝගය පැතිරීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.පසුගිය සතිය තුල වාර්තා වූ රෝගීන් විශ්ලේෂණය කර බැලීමේදී අධි අවදානම් සහිත සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස82ක් හඳුනා ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.