මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සදහන් කරයි.
ඩෙංගු මර්දන කටයුතු, පරිශ්‍රය පිරිසිදු කිරීම සහ මදුරු මර්දන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තාවකාලික වසා දැමීම සිදුකර ඇති අතර, ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමුනු මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු එළඹෙන 21 වනදා යළි ආරම්භ කිරීමට නියමිතය.
විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගියදා සෞන්දර්යය විශ්වවිද්‍යාලයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.