මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) දිනය වනවිට 71ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි. වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, අගෝස්තු මාසයේ ගෙවුණු කාලසීමාවට පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,777කි.