ඩෙංගු මදුරු පාලනයට එන්නතක්
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිරස මාධ්‍ය ජාලය බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා සිය දායකත්වය ලබාදීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ MTV CHANNEL සහ MBC NETWORKS පුද්ගලික සමාගමේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (06) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාර්තාවන ඩෙංගු රෝගින්ගෙන් සියයට 52.5 ක් ම වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවයි. එමෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් සියයට 20 බැගින් වාර්තා වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23 ක් ආවරණය වන පරිදි පරිදි ඊයේ (05) දින සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරිම ඩෙංගු මදුරු පාලනය සහ මැඩපැවැත්විම සදහා තිබෙන ස්ථිරසාර විසදුම බවත්, එම කටයුතු අඛණ්ඩව සිදු කරන අතරම ලෝකයේ රටවල් 41 ක් පමණ සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් (Vaccines) ක්‍රමවේදය යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරමින් ඉතා ඉක්මණින් එන්නත් (Vaccines) ක්‍රමවේදය සමාජයට භාවිතා කිරිමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම ඩෙංගු මදුරු මර්දනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන, විද්‍යාත්මක ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා (Wolbachia) ක්‍රමවේද වැඩසටහනට ඇතුල්වීමට අදහස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
ඩෙංගු රෝගය පැතිරිම සෞඛ්‍ය ප්‍රශ්ණයක් පමණක් නොව සාමාජීය ප්‍රශ්ණයක් බවත්, මෑත කාලයේ වැඩිම ඩෙංගු අවධානම තිබුණු වසර වූයේ 2017 වසර බවද පැවසූ අමාත්‍යවරයා 187,000 ක රෝගීන් ප්‍රමාණයක් එම වසරේ වාර්තා වු බවත්, මරණ 447 ක් වාර්තා වූ බව ද පැවැසීය. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට පමණක් නොව ගෝලියව ඇති වී තිබෙන කාලගුණයේ වෙනස්කම් හේතුවෙන් ද ඩෙංගු මදුරුවන් බෝවිම සඳහා හිතකර පරිසරයක් ගොඩනැගී තිබෙන බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අද වනවිට සායනික ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරමින් 2009 දී සියයට 1 ක්ව පැවැති ඩෙංගු මරණ අනුපාතිකය අද වනවිට සියයට 0.05 සහ 0.06 දක්වා අඩුකර ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය.
මේ වනවිට රෝහල්ගතවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය සළකා බලා නේවාසික රෝගී ප්‍රතිකාර වෙනුවෙන් වෙනම වාට්ටුවක් වෙන්කර තිබෙන බව ද දැඩිලෙස රෝගාතුර වූ රෝගීන්ට සත්කාර සේවා සැපයීම වෙනුවෙන් High Dependency Unit ස්ථාපිත කෙරෙන බව ද පැවැසීය. ඊට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අමතර කාර්ය මණ්ඩලයත් ලබාදෙන බවත්, රෝගීන් සංකූලතාවයට පත්වීම සහ මරණ ප්‍රමාණය අඩු කර ගැනිම ප්රමුඛ අරමුණ වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය එ සඳහා යුහුසුළුව වැඩකටයුතකු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනයට සමාජීව පිළිතුරක් අවශ්‍ය බවත්, එම සාමාජිය වගකිම ඉටු කිරිමේ ජාතික වගකීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අතිශය වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඩෙංගු රෝගය අප රටේ ආවේණික රෝගයක් බවට පත්ව ඇති බවත්, ඩෙංගු රෝගය පාලනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවා ඇති බව ද පැවැසිය. වරින් වර සිදු කරන වැඩසටහන්වලට පමණක් සීමා නොවී මෙම කාර්යභාරය සාමාන්‍ය ජීවිතයේ කොටසක් කර ගත යුතු බව ද පැවැසීය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අදහස් දක්වමින් 2026 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 61,060 ක් වාර්තා වන බව සඳහන් කළේය. එමෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 39 ක් වන බවද එ අතර වයස අවුරුදු 05 ට අඩු දරුවන් 05 දෙනෙකු වන බව ද කාන්තා මරණ වැඩි අගයක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
