මේ වසරේ මැයි මස මුල් සතිය වන විට දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ඩෙංගු රෝගීන් විසි දෙදෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාල තොරතුරු සඳහන් කරයි.
දොම්පේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දිල්ෂාන් රත්නපාල මහතා සඳහන් කළේඑම රෝගීන්ගෙන් වැඩි දෙනෙකු පිටස්තරින් පැමිණ සිටි අය බවය.
රෝගීන් දෙදෙනෙකු කිරිඳිවැල නගරයෙන් වාර්තා වී ඇති බව පැවසූ ඒ මහතා ඩෙංගු රෝග මර්දනය පිළිබඳව දිනපතාම ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.
එම කොට්ඨාසය තුළින් මේ වන විට මී උණ රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ වෛද්‍ය රත්නපාල මහතාඩෙංගු රෝගය වැළඳීමෙන් පල්ලේගම ප්‍රදේශයේ 43 හැවිරිදි එක්දරු පියකු මියගොස්ඒ ඇති බව ද මහතා ප්‍රකාශ කළේය.
මී උණ රෝග වැළදී ඇති අයගෙන් වැඩි දෙනෙකු කුඹුරු ගොවිතැන් වල නිරතවී සිටි ගොවීන් වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.